(සනත් ගමගේ)
කිරින්ද මුහුදේ දියනාමින් සිටි පියකු සහ දියණියන් දෙදෙනෙකු අද(23) මුහුදු රළකට හසුව මියගොස් ඇතැයිද, මව රෝහල්ගත කර ඇතැයිද කිරින්ද පොලිසිය කියයි.
යාල සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි මෙම පිරිස හෝටලය පිටුපස මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.
සිද්ධියෙන් දිවි ගලවාගත් මව තිස්සමහාරාම දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව කිරින්ද පොලිසිය පවසයි.
දියවැලට හසුව අතුරුදන්ව සිටි තිදෙනාගෙන් පියා සහ දියණියන්ව රෝහලට රැගෙන යන විටත් මිය ගොස් සිටි බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරමය සහ කිරින්ද පොලිසියේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

