කිරි ලීටර් 12000ක් කාණුවට


හැටන් නගරයේ දී කිරි ලීටර් 12000ක් අද කාණුවට හැළූ බව ගොවියෝ කියති. රොටස් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයේ ගොවීහු 613 දෙනාට කිරි විකුණා ගත නොහැකි වී සිටිති. පෞද්ගලික සමාගම් කිරි නොගන්නා නිසා කිරි නොදොවා ඉන්නත් බැහැ. එවිට සතුන් ලෙඩ වෙනවා. අන්තිමේදී සිදුවනුයේ මස්කඩේට හරකුන් ටික විකුණා දැමීම පමණ‘‘ යි යනුවෙන් විසි අවුරුද්දක් කිරි විකුණන කේ.පී. ප්‍රියන්ත මහතා කියයි. පශු සම්පත් අමාත්‍යංශයේ ලේකම් තිලක් කෑඳරගම මහතා පැවැසුයේ පෞද්ගිලක අංශ කිරි මිලට ගැනීම සීමා කරැ ඇති බවයි. මිල්කෝ සමාගම කිරි අතිරික්තයක් ඇතත් උපරිමය මිලට ගන්නා ලෙස  අද උපදෙස් දුන් බව ඔහු කීවේය.