කුෂාන් ජයවර්ධන
තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙමැටෑගම වැව් ඉස්මත්ක තිබී මිය ගිය කෙනරකගේ මළ සිරුරක් සොයා ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
කෙනෙර වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැක කරන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
මිය ගොස් සිටි කෙනෙර උස අඩි 8ක් පමණ වන අතර වයස අවුරුදු 22 ක් පමණ වෙතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරති. කෙනෙරගේ පියයුරුවලින් කිරි වෑස්සී ඇති බවත්, ඒ අනුව එම කෙනෙර කිරි බොන වයසේ පැටවකු සිටින මව් සතෙකු බවත් වනජීවී නිලධාරීහු පවසති.
වයඹ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ඉසුරු කොට්ටහේවා මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් කෙනෙරගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවැත්වීය. පශ්චාත් මරණ පරීක්ෂණයෙදී මිය ගිය කෙනෙරගේ සිරූරේ තිබී ඊයම් උණ්ඩ සොයා ගෙන තිබේ.

