වී කිලෝවක මිල රුපියල් 45 ක සහතික මිලක් පැවතුණත් තමන්ට රුපියල් 22කට වඩා නොලැබේ යැයි ගොවි සංවිධාන පවසති.
ඉකුත් මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ අටකට වඩා ඉතිරි වී ඇති අතර ඉදිරි යල කන්නය අවසන් වන විට මෙට්‍රික් ටොන් ලක්ෂ විස්සකට වඩා ඉතිරිවී ඇතැයි ද ගොවි සංවිධාන පෙන්වා දෙයි.
මේ පිළිබඳව බලධාරින්ට කරුණු කියු නමුත් කිසිදු ප්‍රතිචාරයක් නැතැයි ජාතික පුස්තකාලයේ අද (9) පැවැති මාධ්‍ය හමුවකදී ගොවි සංවිධාන සහල් සැකසුම් ආයතන සහ වී මෝල් හිමියන්ගේ සංවිධාන එකමුතුව කැඳවුම්කරු වන අරුණ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
අතිරික්ත වී වෙනුවෙන් වැඩ පිළිවෙළක් සකසන ලෙසත් ගොවින්ට හා පාරිභෝගිකයන්ට සහන ලබා දී අතරමැදියන් ඉවත් කරන ලෙසත් ඉල්ලා බලධාරින් සියලු දෙනාට ලිපි යවා ඇතැයි කී ඒ මහතා තම හඩට කන් නොදෙන්නේ නම් ඉදිරි මැතිවරණයේදී කිසිවෙකුට ජන්දය නොදෙන්නට තම සංවිධාන රට පුරා ගොවීන් සහල් සැකසුම්කරුවන් සහ වී මෝල් හිමියන් දැනුවත් කිරිමේ විරෝධයක් ආරම්භ කරන බවද හෙතෙම සඳහන් කළේය.


