ජනතා විමුක්ති පෙරමුණ උදේට එකක් කියනවා. හවසට තව එකක් කියනවා. අපිට එහෙම කරන්න බැහැ. අපි කරන දේ කියන, කියන දේ කරන අයයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එසේ පැවසුවේ අරලියගහ මන්දිරයේ අද (08) පැවැති ස්වර්ණ පුරවර සම්මාන ප‍්‍රදානෝත්සවය හා පළාත් පාලන ජාතික සමුළුව අමතමිනි.
ජනතාව සිටින්නේ මහජන නියෝජිතයින් වෙනුවෙන් නොව මහජන නියෝජිතයින් සිටින්නේ ජනතාව වෙනුවෙන් බවද ජනපති කීය.

