කිඹුල් නඩුව ජූලි හත


(මනෝප‍්‍රිය ගුණසේකර)

ජනාධිපතිවරණය ප‍්‍රථිපලයට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසු බවට චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහි නඩුව ලබන ජුලි 07 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද නියම කළේය.

බොරු රවුල්වලින් සැරසී ගත් පුද්ගලයින් දෙදෙනකු යොදවා මාධ්‍ය හමුවක් පවත්වා අසත්‍ය ප‍්‍රකාශ සිදුකිරීමට සැලැස්වු බවට පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුඵ විත්තිකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී සිටියහ.

2019 ඔක්තෝම්බර් 10 වැනිදාත් 2019 නොවැම්බර් 11 වැනිදාත් අතර කාලයේ තිඹිරිගස්යාය ප‍්‍රදේශයේ පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමු බවට අසත්‍ය කරුණු පැවසීමට බොරු රැවුලකින් සැරසී සිටි ඇන්තනි ඩග්ලස් ප‍්‍රනාන්දු නමින් පෙනී සිටි සරත් කුමාර නමැත්තාට ආධාර අනුබලදීම, මෙන්ම එම මාධ්‍ය සාකච්ඡාවේදීම කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් සතුව තිබී හමුදා බාරයට ගත් රත්තරං තොගයක් ගේඨාභය රාජපක්‍ෂ මහතා සතු කරගත් බවට අසත්‍ය කරුණු පැවසීමට බොරු රැවුලකින් සැරසී සිටි උණ්ඩියල් අතුල නමින් පෙනී සිටි අතුල සංජීව මදනායක නමැත්තාට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇත.