ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව
කින්නියා පොලිස් වසමට අයත් මධ්‍ය මහා විද්‍යාලය හා අබ්දුල් මජිඩ් විද්‍යාලය යන ජන්ද මධ්‍යස්ථාන ආසන්නයේ සැක කටයුතු ලෙස ගැවසුනු තිදෙනෙකු 10 දා පෙරවරුවේ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මේ අතර එක්තරා දේශපාලන පක්ෂයක නායකයෙකු වු අමාත්‍යවරයෙකු ගේ රුව හා ජන්ද ලකුණ මුද්‍රණය කල ගිණි පෙට්ටි බෙදු රජයේ සේවකයෙකු ගිණිපෙට්ටි 12ක් සමග කින්නියා නගරයේදි අත්අඩංගුවට ගත්බවද පොලිසිය කියයි.
නීති විරෝධි ලෙස මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ජන්ද සලකුණු ප්‍රදර්ශනය කල දෙදෙනෙකු ඊයේ (09) කින්නියා නගරයේදි අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධින් සම්බන්ධයෙන් කින්නියා පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.එම්. පි.බි.විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක වේ.

