(ඩබ්. ඒ. පියතිලක)
තම ජිවිතවලට සහ ගම්මානයට වල් අලින්ගෙන් සිදුවන හානි වහාම නවත්වන ලෙස ඉල්ලා ති‍්‍රකුණාමලය කොළඹ ප‍්‍රධාන මාර්ගයේ කිතුල්උතුව ගම්මානයේ ජනතාව අද(26) මාර්ගය හරස් කරමින් උද්ඝොෂණයක නිරත වුහ.
ඔවුන් පවසා සිටියේ තම ගම්මානයට නිතර නිතර වල් අලි පැමිණෙන බවත් නිවාස ඇතුළු තම වගාවන් විනාශ කර දමන බවත් ජිවිත කිපයක් මේ වන විට අලි විසින් විනාශ කර දැමු බවත් ය. මේ කිසිවක් පිළිබද කිසිදු බලධාරියකු කිසිදු පියවරක් නොගැනිම නිසා කිතුල්උතුව ගම්මානයේ ජනතාව මෙම උද්ඝෝෂණය සිදු කරන බව කියා සිටියහ. මෙම මාර්ගය අවහිර නොකරන ලෙස හබරණ පොලිසිය ඉල්ලා සිටියත් උද්ඝොෂකයින් එය ප‍්‍රතික්ෂේප කරමින් උද්ඝොෂනයේ නිරත වූ අතර පසුව හබරණ පොලිසියේ ස්ථානාධිපති වසන්ත පිටිගල මහතා විසින් හිගුරක්ගොඩ මහෙස්ත‍්‍රාත් ප‍්‍රදිප් මහමුතුගල මහතා වෙත ප‍්‍රධාන මාර්ගයක් හරස් කරමින් සිදු කරන මහජන පිඩාව පිළබද කරුණු ඉදිරිපත් කිරිමෙන් පසු උද්ඝොෂකයින් වෙත නියෝගයක් නිකුත් කෙරුණු අතර ඉන් පසු පිරිස මාර්ගය අවහිර නොකර මාර්ගයේ පසෙක උද්ඝොෂණයේ නිරත වුහ. පසුව එම ස්ථානයට කවුඩුල්ල ජාතික උද්‍යානයේ භාරකරු ඩබ්. ජී. කේ. හේරත් මහතා පැමිණ උද්ඝොෂකයින් සමග කළ සාකච්ඡාවකින් පසු වනජිවී අධ්‍යක්ෂ ජනරාල් සමග ගම්වාසින්ගේ ගැටලුව සදහා සාකච්ඡා කිරිමට අවස්ථාවක් ලබා දෙන බව පැවැසිමෙන් පසු පැය 3ක පමණ කාලයක් උද්ඝොෂණයේ නිරත වු පිරිස විසිර ගියහ.




