කිතුනු දේවස්ථාන වල ලබන ඉරිදා සිට දේව මෙහෙයන් පැවැත්වේ


(නිමල කොඩිතුවක්කු)

කිතුනු දේවස්ථාන තුළ ලබන ඉරිදා සිට දේව මෙහෙයන් සිදුකරන බව  මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

ආරක්ෂක අංශ සහ දේවස්තාන වල සිටින ආරක්ෂක අංශ කමිටු හා එක්ව ඒ සඳහා වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන බවද අගරදගුරුතුමෝ සඳහන් කළහ.

බොරුල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී  අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.

එහිදී විශේෂ ආරක්ෂක වැඩපිළිවළක් ක‍්‍රියාත්මක කරන බවත් සඳහන් කළ උන්වහන්සේ ඒ සඳහා අවශ්‍ය සහයෝගය ආරක්ෂක අංශ වෙත ලබා දෙන ලෙසද ක‍්‍රිස්තියානි බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කළේය.