කිතුනුවකුගේ අවමඟුලක් පංසලක පැවැත්වීමේ සිද්ධියක් ගනේමුල්ලෙන් වාර්තා විය.
කිතුනුවකු වන හපුආරච්චිගේ ඩැනී පෝල් වසර කිහිපයක සිට නැවතී සිටියේ ගණේමුල්ල තිබ්බටුගොඩ සුගතාරාමයේ ය.
අසනීපයෙන් සිටි ඔහු සෙනසුරාදා (25) මිය ගියේය.
කුරුසිය සහිතව කිතුනු චාරිත්‍රානුකූලව දේහය තැන්පත් කැරුණේ විහාරස්ථානයේ ධර්ම ශාලාවේ ය.
පල්ලියේ පියතුමා ද වරින් වර පන්සලට පැමිණ කිතුනු චාරිත්‍ර ඉටු කළ අතර සෙනසුරාදා රාත්‍රී කිතුනු ගීතිකා (හොරසන්) ද ගායනා කළහ.
අවසන් කටයුතු අද දහවල් පන්සලේ හිමිවරුන්ගේ හා පල්ලියේ පියවරුන්ගේ සහභාගීත්වයෙන් බෞද්ධ සහ කිතුනු චාරිත්‍රානුකූලව විහාරස්ථානයේ දීම සිදු කිරීමට නියමිතය.







