කිකිළිය කුළුඳුල් පැටවා බිහිකැර මැරේ


වැලිමඩ නැදුන්ගමුවේ කිකිළියක සිය කුළුඳුල් පැටවා බිහි කළාය. පැටවා ජීවත්වන නමුත් මව මියගියාය.බඩේදිම බිත්තරය තුළ සිටි පැටියා ඉපදි බිත්තරය අතරමග රැඳී පැළීගොස් පැටවා එළියට වැටෙන්නට ඇතැයි  වැලිමඩ පශු වෛද්‍ය පී.ආර්. යාපා මහතා කියයි. සත්ත්ව විද්‍යා පර්යේෂක දීපාල් වරකගොඩ මහතා පවසන්නේ කිකිළිය බිත්තර දමනවා හැර පැටවුන් බිහිනොකරන බවයි. කිකිළියකගේ බිත්තර සංසේචනය වූ වහාම එය බාහිරයට පැමිණෙන බවත් බිත්තර පිටවන අවස්ථාවේ ඒවා මොළොක් ස්වභායක් ගන්නා බවත් ඔහු පවසයි. බාහිර වායුගෝලය සමග එක්වීමෙන් පසු බිත්තරයේ කටුව ඝන වන අතර ඉන් අනතුරුව කිකිළිය තම ශරීරයේ උෂ්ණත්වය ලබාදෙමින් බිත්තර දින 21 ක් පමණ රැකීමෙන් පසු පැටවා බිහිවන බවද වරකාගොඩ මහතා කියයි. ඔහු පවසන්නේ කිකිළියගේ ශරීර අභ්‍යන්තරයේ උෂ්ණත්වය අධික බැවින් බිත්තරයෙන් ශරීරය ඇතුලේදී පැටවකු බිහිවීම විශ්වාස කළ නොහැකි දෙයක් බවයි.