කික් ෆිට් ක‍්‍රිකට් ශූරතාවය බ්ලූ මවුන්ටන් පිලට


කික් ෆිට් 2012 ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට බ්ලූ මවුන්ටන් කණ්ඩායම සමත් විය. ඔවුන් හමුවේ අවසන් තරගය ලකුණු 106 කින් පරාජයට පත් වුණේ ෆිට්නස් කී‍්‍රඩා සමාජයයි. එහිදී බ්ලූ මවුන්ටන් කණ්ඩායමේ නායක දිමුතු කන්නන්ගර තරගාවලියේ වීරයා බවට පත්විය.  
වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා මෙවර ජයික් හිල්ටන් සමාගම, මාස් හෝල්ඩින්ස් සමාගම සහ යුනිවර්සල් ෆිට්නස් සමාගම වැනි ප‍්‍රබල කණ්ඩායම් සහභාගී විය.
දෙසැම්බර් 9 වැනිදා කෝට්ටේ අංගම්පිටිය කී‍්‍රඩාංගනයේ දී පැවති මෙම තරගාවලියේ කුසලාන සහ ත්‍යාග ප‍්‍රදානෝත්සවයට බ්ලූ මවුන්ටන් ප්‍රොපටීස් සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂක වෛද්‍ය හිරාන්  හෙට්ටිආරච්චි මහතා සහ මෙහෙයුම් අධ්‍යක්ෂිකා රිද්මා මැදවත්ත මහත්මිය ඇතුලූ ප‍්‍රධාන ආරාධිත අමුත්තෝ රැසක් සහභාගී වූහ.