ස්නායු රෝගීන්ට ලබාදෙන බෙහෙත් කරල් පාසල් සිසුන්ට අලෙවිකළ කළුතර, මග්ගොන ප්‍රදේශයේ ෆාමසියක් වටලා එහි අයිතිකරු හා සේවකයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිසිය හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීහු උපාය දූතයකු මාර්ගයෙන් වැටලීම සිදු කර ඇති අතර එම කරල් මත්වීම සඳහා පාසල් සිසුන් මිලදීගෙන ඇතැයිද සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි. බරපතල ස්නායු රෝගීන්ට ලබාදෙන මෙම ඖෂධ කරල් සමග වෙනත් යමක් මිශ්‍ර කර පාසල් සිසුන් මත්වීම සඳහා භාවිතා කර ඇතැයි කියති.
වෛද්‍ය නිර්දේශයකින් තොරව මෙම පෙති භාවිතා කිරීමෙන් භයානක ප්‍රතිඵල ඇතිවිය හකි බව වෛද්‍යවරු කියති.

