
(මහින්ද නිශ්ශංක)
පෞද්ගලික ආනයනකරුවකු පාකිස්තානයෙන් ආනයනය කළ බව කියන භාස්මතී සහල් කන්ටෙනර් 40ක් පරික්ෂාවට ලක් කළ සෞඛ්‍ය අංශ එම සහල් කෑමට නුසුදුසු මට්ටම පවතින බවට තහවුරු කරගෙන ඇත.
මෙම සහල් තොගය සම්බන්ධයෙන් සැක සිතූ සෞඛ්‍ය අමාත්‍යංශය සහ ආහාර පාලන ඒකකය මගින් මේවා පරික්ෂාවට ලක් කර ඇති අතර එහි කෘමීන් විශාල ප්‍රමාණයක් දක්නට ලැබුණු බව ද සෞඛ්‍ය අංශ තහවුුරු කරයි.
එම කන්ටේනර්වලින් කන්ටේනර් 9ක් රැගෙන ගොස් වත්තල ප්‍රදේශයේ ගබඩාවක සඟවා ඇති බවට ලැබුණු තොරතුරක් මත ඒවා පරීක්ෂා කළ සෞඛ්‍ය අංශ එම ගබඩාවට මුද්‍රා තැබීමට කටයුතු කළ බව ද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මේ ආකාරයේ කල් ඉකුත් වූ සහල් තොට වරායේ ඇත්දැයි සොයා බලන බවද සෞඛ්‍ය අංශ පවසයි.
මෙම සහල් තොග අලෙවිය සඳහා රැගෙන එන්නට ඇතැයි සැකකරයි

