කෑම සොයා දවාලෙත් ගම්වදිති
පැටවුන් සිව් දෙනෙකුද සමග විස්සක පමණ අලි රංචුවක් නිකවැරටිය දණ්ඩුව ගමේ පැසුණු කෙත් යායට අද මහ දවාලේ පැමිණ ඇතැයි ගැමියෝ කියති. කොටවෙහෙර පැත්තේ වී කපා පාගා අවසන් වී ඇති හෙයින් මොවුන් කෑම සොයා එන්නට ඇතැයි ගොවියෝ කියති.

