කෑම විසවී 30ක් රෝහලට


කොත්මලේ යුද හමුදා භාෂා පුහුණු මධ්‍යස්ථානයේ ආහාර ගැනීමෙන් පසුව තිස් දෙනකු ගම්පොළ රෝහලට ඇතුළු කළ බවත් 26 දෙනකු බාහිර අංශයේ ප‍්‍රතිකාර ලැබූ බවත් වෛද්‍ය අධ්‍යක්ෂ දොස්තර සරත් වීරබණ්ඩාර කියයි. යුද ගුවන් නාවික හා පොලිස් සාමාජිකයෝ මෙහි පුහුණුව ලබති.