කෑගල්ලේ වාහන තදබදයක්


කෑගල්ල නගරයට ආසන්නයේ මාර්ග ගණනාවක අලුත්වැඩියා කරන  නිසා කොළඹ මහනුවර පාරේ කෑගල්ල නගරයට ආසන්නව දැඩි වාහන තදබදයක් ඇතැයි ද, ඒ නිසා කොළඹ මහනුවර මාර්ගය භාවිත කරන්නන් කෑගල්ල නගරය මග හැර විකල්ප මාර්ග ඔස්සේ ගමන් කිරීම සුදුසු යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

කුරුණෑගල නගරය හරයා අඹේපුස්ස මාර්ග භාවිත කිරීම වඩාත් සුදුසු බවද පොලිසිය යෝජනා කරයි.