(ඉන්දිකා රාමනායක)
කෑගල්ල දිස්ති‍්‍රක් සමුපකාර සංගමයේ සහකාර කොමසාරිස්වරයා අද (13) පස්වරුවේ සිය කාර්යාලය තුළ දී ඇසිඞ් ප‍්‍රහාරයකට ලක්ව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවා ලබා රෝහල් ගතකර ඇත්තේ වත්තගේ කරුණාතිලක (59) මහතා බවද පොලිසිය පවසයි.
සහකාර කොමසාරිස්වරයා අද පස්වරු 3.30 ට පමණ සිය කාර්යාලයේ කිහිප දෙනකු සමග කථා කරමින් සිටියදී සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඒ මහතා හමුවීමට පැමිණ මෙම ඇසිඞ් ප‍්‍රහාර එල්ල කර ඇති බවට තොරතුරු ලැබුණ බවද පොලිසිය සඳහන් කරයි.
ඇසිඩ් ප‍්‍රහාරයෙන් ඒ මහතා ඇස්වලට හානි සිදුවී ඇති අතර මුහුණ සම්පුර්ණයෙන්ම ක වී ඇති අතර අවට සිටි පිරිස් ඒ මහතා කෑගල්ල රෝහල වෙත ඇතුළත් කර ඇත.
ඇසිඩ් ප‍්‍රහාරයට ලක්වු කරුණාතිලක මහතා ට තර්ජන ඇති බවට කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවද පොලිසිය පවසයි.
සිද්ධියේ සැකකරුවන් මෙතෙක් හෙළි වී නොමැත. කෑගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.