කැෆේ පොතෙන්


අද (07) උදෑසන වන විට ජනාධිපතිවරණය සම්බන්ධ පැමිණිලි 1298ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය කියයි.

ඩිෆෙන්ඩර් රියකින් ආ පිරිසක් අහසට වෙඩි තබා  හාලි ඇළ ප්‍රදේශයේ  එජාප පාක්ෂිකයකුට පහරදී ඔහුට අයත් ව්‍යාපාරික ගොඩනැගිල්ලට ද හානි කර ඇතැයි ද,   ඇටැම්පිටියේ එජාප ආධාරකරුවකුට ද පහර දී ඇතැයි ද කැෆේ සංවිධානය සඳහන් කරයි.

බෙලිඅත්ත එජාප සංවිධායක එස්.එච් කමල් මහතාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තුබුණු බවත් කැෆේ පවසයි.