කැළණි පෙරහරට දුම්රිය සේවා



 
(විනීතා එම් ගමගේ )

ප‍්‍රධාන මාර්ගයේ ධාවනය වන සියලූ දුරගමන් සිඝ‍්‍රගාමි දුම්රියන් කැලණිය දුරුතු මහා පෙරහර නිමිත්තෙන් හෙටත් (30) අනිද්දාත් (31) කැලණිය  දුම්රිය ස්ථානයේ ද නවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

එම දුම්රිය ස්ථානයේ සිට කැලණිය රජමහා විහාරස්ථානය දක්වා විශේෂ බස් රථ යොදවා ඇතැයි ගමනාගමන මණ්ඩලය කියයි. 

එමෙන්ම දෙකටන, පූගොඩ, ගම්පහ, කිරිඳිවැල, සීමාමාලකය, කොහුවල, ආදී ප‍්‍රදේශවල සිට ද විශේෂ බස්රථ යොදවා ඇතැයි පවසන ගමනාගමන මණ්ඩලය  මහනුවර, රත්නපුර, අවිස්සාවේල්ල, නගරවල සිට ද බස් රථ ධාවනය වනු ඇතැයි ද සඳහන් කළේය.