කැළණි පෙරහර වෙනුවෙන් නව රථවාහන සැලැස්මක්


අමල් වික්‍රමරත්න
 
කැළණි දුරුතු පෙරහර වෙනුවෙන්  නව රථවාහන සැලැස්මක්  27,28,29 තෙදින තුල ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය සඳහන් කරයි.
 
කැළණි පෙරහැර 27,28,29 දින වලදී සවස 3.00 සිට 9.00 පමණ දක්වා වීදි සංචාරය කෙරෙන බවත් එම අවස්ථාවලදී මාර්ග තදබදය අවම කර ගැනීමේ අපේක්ෂාවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
 
කැලණිය සීමා මාලකය මාර්ගය,04 කණුවේ සිට බියගම කොලඹ ප්‍රධාන මාර්ගය,තොරණ හංදියේ සිට වරාගොඩ මාර්ගය අධික තදබදයක් ඇතිවේයැයි පොලිසිය අපේක්ෂා කරන හෙයින්,
 
04 කණුවේ සිට බියගම දෙසට පැමිණෙන වාහන පට්ටිය හන්දියෙන් නුවර පාර ඔස්සේත්,බියගම දෙස සිට පැමිණෙන සැහැල්ලු වාහන සහ යතුරුපැදි නාගහමුල හන්දියෙන් 230 බස් මාර්ගයේ ගමන්කර කිරිබත්ගොඩ දෙසටත්,තොරණ හන්දිය දෙසින් පැමිණෙන වාහන පැරණි නුවර පාර ඔස්සේ ටයර් සංස්ථා හන්දියෙන් කිරිබත්ගොඩ දෙසටත්,වැල්ලම්පිටිය දෙසින් කැලණිය දෙසට පැමිණෙන වාහන පට්ටිය හංදිය දක්වා ගමන්කර නුවර පාර ඔස්සේ බියගමදෙසට ගමන් කළ හැකි වනසේ මෙම නව රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බව පොලීසය සඳහන් කරයි.