කැළණි ගඟේ දිය නෑමට ගිය තරුණියක් දියේ ගිලි මරුට



 
රංජිත් රාජපක්ෂ                            

කැළණි ගඟේ දිය නෑමට ගිය මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි එක් දරු මවක්  දියේ ගිලි මියගොස් ඇතැයි ගිනිගත්හේන පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ තුෂානි ද සිල්වා නැමති ටෙලි නාට්‍යය සහය නිළිය බව අනාවරණය වී තිබේ.
 
පවුලේ සමාජිකයන් සමඟ කිතුල්ගල ප්‍රදේශයේ සංචාරයකට  පැමිණ ඇති මෙම කාන්තාව ගිනිගත්හේන කළුගල යටිබේරිය ප්‍රදේශයේදි කැළණි ග‍‍ඟේ දිය නාමින් සිටියදි සැඩ පහරකට හසුවි ගඟේ ගසා ගෙන ගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
 
පවුලේ සමාජිකයන් හා ප්‍රදේශවාසින් එක්ව සැඩ පහරට හසුවි ගසා ගෙන ගිය කාන්තාව සොයා සිදු කළ මෙහෙයුමකින් පසුව සිරුර මඳක් දුරින්  තිබී සොයා ගෙන ඇති අතර සිරුර කිතුල්ගල තැලිගම රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.