කැස්බෑවාගේ මරණයට හේතු සොයන්නැයි ගාල්ල අධිකරණයෙන් නියොගයක්


(ඩි.ජී.සුගතපාල)

උණවටුන වෙරළට ගොඩ ගසා තිබු මියගිය කැස්බෑවාගේ මරණයට හේතුව එක්ස්ප්‍රස් පර්ල් නැවේ රසායනික ද්‍රව්‍ය විෂවිමකින්දැයි සොයා බැලිම සඳහා කැස්බෑවා අත්තිඩිය පිහිටි වනජීවි පශු වෛද්‍ය කාර්යාලයට යවා වාර්තාවක් ගන්නැයි  ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය හික්කඩුව වනජිවි කාර්යාලයට අද(03) නියෝගය කළාය.

උණවටුන වෙරලට මෙම මියගිය කැස්බෑවා ඊයේ ගොඩගසා තිබු අතර ඒ බව හික්කඩුව වනජිවි උද්‍යාන භාරකාර කාර්යාලයට දැනුම් දිමෙන් පසු අධිකරණයට කරුණු වාර්තා කරමින් මෙම කැස්බැවා මියගොස් ඇත්තේ එක්ස්ප්‍රස් පර්ල් නැවේ රසායනික ද්‍රව්‍ය විෂ විමකින්දැයි සොයා බැලිම සඳහා අත්තිඩිය වනජිවි පශු වෛද්‍ය කාර්යාලය වෙත යවා වාර්තාවක් ලබා ගැනිම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන ඉහත නියෝගය කළාය.

එම කරුණු සළකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරිය කැස්බෑවාගේ සිරුර අත්තිඩිය වනජිවි පශු ‍වෛද්‍ය කාර්යාලය වෙත යවා කැස්බාගේ මරණයට හේතුව පිළිබඳ වාර්තාවක් ලබා ගැනිමට වනජිවි නිලධාරින්ට නියෝගයක් නිකුත් කළාය.