වන අපරාධ මැඩීමේ අරමුණින් නියමුවන් රහිත ගුවන් යානයක් ගුවනට නංවා තොරතුරු ලබා ගැනීමට වනජීවී දෙපාර්මේන්තුව සැරැසේ.
කොටි සංවිධානය සමඟ යුද්ධය පැවැති සමයේ කොටි අඩවිය උඩින් පියාසර කැර කොටි රහස් සාර්ථක ලෙස හමුදාවට සොයා දුන් මෙම යානය කේලමා යනුවෙන් ද හැදින්වේ.
වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා උඩවලවේදී මෙම යානය ගුවන්ගත කිරීමේ මංගල අවස්ථාවට සහභාගී විය.

