කැලිෆෝනියාවේ ලැව්ගින්නෙන් 2 ක් මියයති. 3 ක් අතුරුදන්


ඇමරිකාවේ උතුරු දිග කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව් ගිනි නිවා දැමීමට ගිය ගිනි නිවන භටයන් දෙදෙනකු ගින්නට හසුව මියගොස් ඇති අතර තිදෙනකු අතුරුදන් වී ඇත. තද සුළං හේතුවෙන් ලැව්ගිනි ඉතා වේගයෙන් පැතිරුණු බවත් දහස් ගනන් පිරිස් නිවාස අතහැර පලා ගිය බවත් වාර්තා වේ. 


ගොඩනැගිලි 500ක් පමණ විනාශ වී ඇති බවත් නිවාස බොහොමයක් අවදානමට ලක්වී ඇති බවත් පැවසේ.
ලැව් ගිනි සඳුදා ආරම්භ වී ඇති අතර මේ වනවිට අක්කර 48000ක් පමණ ප්‍රදේශයක පැතිරී ඇත.

(බිබිසි ඇසුරිණි - 085)