කැලෑවක දමා ගිය බිළිඳකු කුරුවිටින් සොයාගනී


අප්සරා යෝසිත් වජේසූරිය
 
කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ නිවසක් අසල ලඳු කැලෑවක දමා ගොස් සිටි දිනක් පමණ වයසැති බිළිඳකු ප්‍රදේශවාසීන් විසින් සොයා ගනු ලැබ ඇතැයි පොලිසිය කියයි.
 
ප්‍රදේශවාසීන් පිරිස බිළිඳු දරුවා තෙප්පනාව ග්‍රාමීය රෝහලට  භාරදී තිබේ. රෝහල් බලධාරීන් බිළින්දා  රත්නපුර මහරෝහලට යොමු කර ඇතැයි පොලිසිය පවසයි.