කැලෑ රජා නරි වැඩක් කරයි


දකුණු අප්‍රිකාවේ සාබි සෑන්ඩ් වනෝද්‍යානයේ දී ඉම්පාලා මුවකු පසුපස හඹා ගිය කොටියෙක් විනාඩි 45 ක පමණ වෙහෙස වී ඒ මුවා අල්ලා මරා ගොදුර ආහාරයට ගැනීමට අසළ තිබූ ගසකට නැග ගත්තේය. ගොදුරත් රැගෙන ගසට නගින්නට කොටියා අපමණ වෙහෙසක් දැරීය. මේ සියල්ල දෙස බලා සිටි ප්‍රවීන වනජීවී ඡායාරූප ශිල්පී ඇන්ඩෘෘ ස්ටොච්මන් ඒ සම්බන්ධයෙන් ඡායාරූප රැසක් ගත්තේය.

කොටියා ගසට නැග ගොදුර එහි කරුවක රඳවා මොහොතකින් එතැනට පැමිණියේ සිංහයන් රංචුවකි. ගොදුරු සොයා දඩයමේ යාම පසෙක තැබූ මේ සිංහයෝ ගොරවමින් දත් විලිස්සමින් කොටිය බියපත් කිරීමට නොයෙක් උත්සාහ ගත්හ. අනතුරුව එකිනෙකා පරයමින් සිංහයන් ගසට නගිද්දී කොටිය සිය ගොදුර අතහැර පලා යාම හැර කරන්නට දෙයක් නොවුණි. කොටියාගෙන් මුව කුණ පැහරගත් සිංහයෝ තම රාත්‍රී ආහාරය ඉතා පහසුවෙන් ලබාගත්හ.

ඡායාරූප ශිල්පී ඇන්ඩෘෘ පවසන්නේ තමන්ගේ වසර 14ක් පුරා වනජීවී ඡායරූප ගැනීමේ නිරතව සිටින තමන් මෙවැනි සිදුවීමක් කිසි දිනක දැක නොතිබූ බවයි.

ගොදුරු අල්ලාගන්නා කොටි ගස් මත එය රඳවා ගොදුර ගිල දැමීම සාමාන්‍ය සිරිතකි. සිංහයන් අනුන් මැරූ සතුන් ආහාරයට නොගන්නා අභිමානවත් සතකු ලෙස ප්‍රසිද්ධය. සිංහයන් හා කොටින් විසින් දඩයම් කරන සතුන්ගේ ඉතිරි මළකුණු කොටස් කා දැමීමට නරි පුරුදුව සිටිති.

article-2705871-1FF6DBD800000578-255_964x642 article-2705871-1FF6DB1A00000578-137_964x642 article-2705871-1FF6DA2D00000578-464_964x1326 article-2705871-1FF6D96100000578-630_964x642 article-2705871-1FF6D77E00000578-87_964x646 article-2705871-1FF6D71F00000578-434_964x641 article-2705871-1FF6D8A800000578-47_964x1439