කැලෑ කැපීම ගැන නීතිපති වන සංරක්ෂණ නිලධාරීන් සාකච්ඡාවක


රටේ වනාන්තර එළි කරන බවට මාධ්‍ය මගින් පැතිර යන කරුණු පිළිබඳව විමසීම සඳහා වන සංරක්ෂණ ජනරාල්වරයා  ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කැඳවා නීතිපති දප්පුල ද ලිවේරා මහතා සාකච්ඡාවක් පැවැත් වූ බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනිය පවසයි.

මාධ්‍ය මගින් පැතිර යන කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන ද වන සංරක්ෂණ ජනරාල්වරයාට උපදෙස් දුන් බව වැඩදුරටත් සඳහන් කළාය.

රටේ බෝහෝ ස්ථානවල කැලෑ කපන බවට මාධ්‍ය මගින් නිරන්තරයෙන් සිදු කළ ප්‍රචාරයන් පිළිබඳව කරුණු  සැලකිල්ලට ගනිමින් කැලෑ සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රධාන නිලධාරියා වන,වන සංරක්ෂණ නිලධාරියගෙන් කරුණු දැනගත් බව ඇය වැදුරටත් කීවාය.