කැලණියේ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 40 ක් අල්ලයි


කැලණිය පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් 12 ක අද (21) පෙරවරු 7 සිට පස්වරු 1 දක්වා වරෙන්තුකරුවන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවත් එහිදී වරෙන්තුකරුවන් 40ක් අත් අඩංගුවට ගැනීමට හැකිවූ බවත් පොලිසිය කියයි.

කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.