කැලණියේ මර්වින්ගේ තැන වරාගොඩට


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කැරුණු  නව ආසන සංවිධායකවරු 04 දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී   මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින්  පත්වීම් ලිපි ලබා ගත්හ.

කැලණිය ආසන සංවිධායක ලෙස කටයුතු මර්වින් සිල්වා මහතා ඉවත් කර කැලණියේ සංවිධායක ලෙස තිලක් වරාගොඩ මහතා පත් කර ඇත.

මුල්කිරිගල ආසනයේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායිකාව ලෙස නිරුපමා රාජපක්ෂ මහත්මිය  ද,   පුත්තලම ආසනයේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස වික්ටර් ඇන්තනී පෙරේරා මහතා ද,  කැළණිය ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්   තිලක් වරාගොඩ මහතා ද,  බුලත්සිංහල ආසනයේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස   ආර්.පී. තුසිත කුලරත්න මහතාද  පත්වීම් ලැබී ලැබූහ.

07(3)