කැලණිය රජ මහා විහාරය පිළිසකර කර අද පවත්නා තත්ත්වයට පත් කිරීමට පුරෝගාමීවූ සේදවත්ත වලව්වේ හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ 150 වැනි ජන්ම දින සංවත්සරය නිමිත්තෙන් කැලණිය රජ මහා විහාරයේදී සාංඝික දානයක් ඇතුළු පිංකමක් ජූනි 22 සඳුදා පැවැත්වීමට නියමිතය.
විජයවර්ධන මැතිණිය බෞද්ධ මහ උපාසිකාවක හා දානපතිනියක ලෙස නමක් දිනා සිටියාය. කැලණිය රජ මහා විහාරයේ බිතු සිතුවම් නිර්මාණය සඳහා සෝලියස් මැන්දිස්ගේ සේවය ලබාගැනීමට එතුමිය මුල්වූවාය.
එතුමියට පිං පැමිණවීමේ මෙම පිංකම කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර ඇත.
දායක සභාවේ සභාපති රනිල් වික්‍රමසිංහ අගමැති, බස්නායක නිලමේ ධම්මික ආටිගල, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහත්වරු මෙම පිංකමට සහභාගීවීමට නියමිතය.

