කැලණි සරසවියේ හයක් රිමාන්ඞ්


කැලණි විශ්ව විද්‍යාලයයේ විද්‍යාපීඨ සිසුන් දෙපිරිසක් අතර පැවැති ගැටුම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුහු හය දෙනෙක් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් මහීල් විජේවිර මහතා විසින් ලබන 17 වැනි දා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. ලබන 14 වැනි දා ඔවුනට විභාගයට පෙනී සිටීම සඳහා බන්ධනාගාර කොමසාරිස්ගෙන් අවසර ගන්නැයි ද මහේස්ත‍්‍රාත් නියෝග කෙළේය. පිහි පහර කෑමට ලක්වී බරපතල තුවාල ලැබූ සිසුවකු රාගම රෝහලේ ප‍්‍රතිකාර ලබන බව ද අධිකරණයේ දී කියැවිණි.