(ඉන්දිකා රාමනායක)
කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් එහි ආරක්ෂක නිලධාරියකු පැහැරගෙන ගොස් පහරදී තුවාල සිදුකර ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඒ එස් දේවප්‍රිය (42) නැමැති අය බව පොලීසිය පවසයි.
කැලණිය විශ්ව විද්‍යාලෙ ආරක්ෂක නිලධාරියකු වශයෙන් සේවය කරන මෙම පුද්ගලයා ඊයේ (2) අලුයම විශ්වවිද්‍යාල භූමියේ පිහිටි නේවාසිකාගාරයේ නිදා සිටියදී. පැමිණ ඇති සිසුන් පිරිසක් ඔහු අවදි කර පිටතට රැගෙන ගොස් යතුරු පැදියක බලහත්කාරයෙන් නංවාගෙන විශ්ව විද්‍යාල ශාරීරික සුවතා මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර පොලීසියට ද පැමිණිලි කර ඇත.

