( කේ බුද්ධික කුමාරසිරි )
කැලණි ගඟේ හංවැල්ල ජල මාපකයේ අද (22) උදෑසන වන විට මීටර් 8-60 දක්වා ජල මට්ටම ඉහළ ගොස් ඇති අයුරු දක්නට ලැබුණි.
ඊයේ (21) සවස 6 පමණ වන විට ජල මට්ටම සටහන්ව පැවතියේ මීටර් 7- 80 ලෙසිනි.
මේ අනුව කැළණි ගගේ ජල මට්ටම හංවැල්ල ප‍්‍රදේශයේදී තව දුරටත් ඉහළ යන ආකාරය දැක ගන්නට හැකි අතර මේ හේතුවෙන් ප‍්‍රදේහයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති අයුරු දක්නට ලැබුණි