කැලණි ගඟේ ආසනික් සාන්ද්‍රණය අධික වෙමින් පවතින බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය කළ අධ්‍යයනයකදී හෙළිවී තිබේ.
පානීය ජලයෙහි ආසනික් සාන්ද්‍රණය ලීටරයකට මිලි ලීටර් 4කට වඩා අඩුවෙන් තිබිය යුතු නමුත් මේ වන විට ගංඟා ජලයෙහි ලීටරයකට මිලි ලීටර් 4කට වඩා ආසනික් මුසුව ඇතැයි තම අධ්‍යයනයේදී හෙළිවූ බව සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරී රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය.

