මහා වැසි හා ගංවතුර සමග හංවැල්ල - කොළඹ පාරේ ඇඹුල්ගම හන්දිය ආසන්නයේ මහාපාරේ අඩියක් පමණ කැලණි ගඟට කැඩි ගොස් තිබේ. මෙම ස්ථානයේ ගගේ ගැඹුර අඩි 60 -70ක් වෙතීයි ගැමියෝ කියති. මහාපාරේ තැනින් තැන ඉරි තැලීම් ද දක්නට ලැබේ.
ගංඉවුර කඩා යාම නැවැත්වීම සඳහා ගල් අතුරා වැලි කොට්ට දමා ඇත. කාලයක සිට වැලිගොඩ දැමීම නිසා ගඟ හෑරි මහා පාරේ කැඩී යන තත්ත්වයක් උදාවී ඇතැයි ද මහා හයකට කලින් පෙන්නා දුන්නේය.
මාර්ගයේ ගඟ අයිනේ මංතීරුව වසා ඇත.

