කැරලි මර්දනයෙන් ලක්ෂ 50 ක් වන්දි ඉල්ලයි


තමන්ට කොටුව දුම්රිය ස්ථානයේ පාලමේදී කැරලි මර්දන පොලීසිය නිකරුණේ පහරදීමෙන් සිදුවූ හානියට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 50 ක ඉල්ලා දුම්රිය මඟියෙකු කොළඹ දිසා අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවේ විභාගය අවසන් විය.

නඩුව නොවැම්බර් 03 වැනි දා යළි කැඳවන ලෙසද නියෝග කළේය. කොළඹ අතිරේක දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය හමුවේ නඩුව විභාග කැරිණි.

දුම්රිය මඟියකු වන දුමින්ද හපුආරච්චි මහතා විසින් ගොනු කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති, නීතිපති නම් කරනු ලැබ සිටිති. ඉකුත් වසරේ අපේ‍්‍රල් 22 වැනි දා කොටුව දුම්රිය පාලමෙන් ගමන් කරමින් සිටියදී කැරලි මර්දන ඒකකයේ පහර  කෑමට  ලක් වු  බව පෙත්සමේ දැක්වේ.