(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (25) පැවැති කැබිනට් රැස්වීම පැය දෙකකට අධික කාලයක් පැවැති අතර, එම කාලය තුළ සාකච්ඡාවට ලක්වූයේ කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය ගැන පමණක් බව වාර්තා වෙයි.
වෙනදා කැබිනට් රැස්වීමට කැබිනට් පත්‍රිකා 50ක් 60ක් පමණ ඉදිරිපත් වන නමුත් අද (25) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් වූයේ පත්‍රිකා තුනක් පමණක් බවද ඒවාද කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට අදාළ පත්‍රිකා බවද වාර්තා වේ.
කැබිනට් රැස්වීමේදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා කොරෝනා වයිරසයෙන් රට මුදා ගැනීම සදහා තමාට දැඩි තීන්දු ගැනීමට සිදුව තිබෙන බව පවසා ඇත.

