(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ඒ අනුව මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති කාර්යාලයේ දී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ.
වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර රංජිත් සියඹලාපිටිය මහතා විසින් දැනට දරනු ලබන මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති කාර්යාලයේ දී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ.





