(නිමල් අල්ගෙවත්ත, අමල් වික්‍රමරත්න )
කැබිනට් සංශෝධනය මහ විහිළුවක්, මේ එළඹෙමින් තියෙන්නේ නාටකයේ අවසන් ජවනිකාව යැයි දකුණු පළාත් සභා මන්තී‍්‍ර බද්දේගම සමිත හිමියෝ පවසති. බද්දේගම සමිත හිමියෝ මේ බව කියා සිටියේ අද (23) බද්දේගම දී පැවැති ජනහමුවක දීය.
කැබිනට් සංශෝධනය මහ විහිළුවක්, ලෝකයේ හොඳම මුදල් ඇමැති හැටියට සහතික දීපු අය ගැන පළමුවෙන්ම සෙවිය යුතුයි. ඇමරිකාවෙනුත් ඇවිත් කිව්වා මෙයා ආර්ථිකය හොඳ තැනකට අරන් තියෙනවා කියලා. ලොකේ හොඳම මුදල් ඇමති කියන සහතිකය කොහෙන්ද අරන් ඇවිත් පෙන්නුවා. ඔහුගේ මුදල් ප‍්‍රතිපත්ති පිළිබඳව ආණ්ඩුව තුළම ගැටළුවක් තියෙන නිසා තමයි ඔහු ඉවත් කරලා ඔහුට වෙනත් අමාත්‍යාංශයක් දී තිබෙන්නේ. මේ එළඹෙමින් තියෙන්නේ නාටකයේ අවසන් ජවනිකාවයි. අලූත් මුදල් ඇමැති නමට පමණක් මුදල් ඇමැති වෙයි. එක මෙහෙයවන්න පිටුපසින් කෙනෙක් ඉන්නවා. නිල මුදල් ඇමැති සහ නිල නොවන මුදල් ඇමති කියලා දෙන්නෙක් ඉඳිවී යැයි සමිත හිමියෝ පැවසුහ.

