කැබිනට් වෙනසේදී තරුණයන්ට වැඩි ඉඩක්


අංජුල මහීක වීරරත්න
 
තරුණ පරපුරට වැඩි තැනක් දෙන රැඩිකල් වෙනසක් මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී බලාපොරොත්තු වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි විශ්වාස කටයුතු මාර්ග සඳහන් කරයි. 

 
ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයන්ද එලෙස ඉදිරියට ගන්නා තරුණ අමාත්‍යවරුන්ට හිමි වනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත. 
 
තව දිනක් හෝ දෙදිනක් ඇතුලත මෙම කැබිනට් වෙනස සිදු වනු ඇති බව පවසා තිබෙන අග්‍රාමාත්‍යවරයා පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවන ශීඝ්‍රගාමී ගමන ඉතා ඉක්මනින් අරඹන බව ද සඳහන් කර තිබේ.