(අජන්ත කුමාර අගලකඩ)
සතියේ අඟහරුවාදා පෙරවරුවේ සුපුරුදු පරිදි පැවැත්වෙන කැබිනට් රැස්වීම හෙට (11) දිනයේ නොපැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග කියයි.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තවදුරටත් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් තමාට කැබිනට් මණ්ඩල රැස්වීමටද සහභාගි විය නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉකුත් සිකුරාදා (07) රාත්‍රීයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබිණි.
හෙට දිනයේ කැබිනට් රැස්වීම නෙපැවැත්වෙන්නේ ඒ නිසාද නැතිනම් වෙනත් හේතුවක් නිසාද යන්න පැහැදිලි නැත.
හෙට දිනයේ කැබිනට් රැස්වීම පැවැත්වෙන බවක් ඇමතිවරුන්ට අද (10) පස්වරුව වන තෙක්ම දැනුම් දී නොතිබිණි.
ඉකුත් සිකුරාදා පැවැති විශේෂ කැබිනට් රැස්වීම් වාර්තාව ඇමැතිවරුන් වෙත යවා තිබූ අතර හෙට කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බව එහි සඳහන් කර තිබී ඇතැයිද දැනගන්නට තිබේ.

