(ඩයනා උදයංගනී)
රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී හා නව ඇමති මණ්ඩලයක් පත්කර සති තුනකට වැඩි කාලයක් ගත වී ඇතත් නව රජයේ කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරුන් මෙතෙක් නම් කර නොමැත.
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමෙන් පසු අමාත්‍ය මණ්ඩලය දෙවරක් රැස්වූ නමුත් ඒවායේදී කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරුන් නම්කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් හෝ ඉදිරිපත් නොවූ බව වාර්තා වේ.
සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව ද ඒ හේතුවෙන් පැවැත්වීමට නොහැකි වී ඇති අතර කැබිනට් හමුවේදී ගන්නා තීරණ මාධ්‍ය වෙත ලබාදීම රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා සිදුකිරීමට පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හිටපු සම කැබිනට් ප‍්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ කැබිනට් හමුව දෙවරක් පැවැත්වුණ ද කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරුන් සම්බන්ධයෙන් කිසිම යෝජනාවක් හෝ කතාබහක් ඇති නොවූ බවය.