(ආරියරත්න රණබාහු)
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න හා අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරයකුට නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයකු වශයෙන් ඉදිරියේදී පත්කිරීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් පක්ෂ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
කැබිනට් මාධ්‍ය හමුවේදී ශ්‍රීලනීප අභ්‍යන්තර ප්‍රශ්න ගැන මාධ්‍යවේදීන් මතුකරන ප්‍රශ්නවලට පිළිතුරු දීමට ටමම නව මාධ්‍ය ප්‍රකාශක තනතුර පත්කරන බවත් එම මාධ්‍ය ප්‍රකාශකයාගේ නම ඉදිරියේදී ප්‍රකාශ කරන බවත් ඒ මහතා කියයි.
ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් හමුවේදී රාජිත සේනාරත්න මහතා හා ජෝන් සෙනෙවිරත්න මහතා අතර පසුගියදා හටගෙන තිබූ මතබේදාත්මත ගැටුම සාකච්ඡා කර හොඳීන් විසඳාගත් බවද මහලේකම්වරයා පවසයි.
ඇති වූ තත්ත්වය ගැන ජනපතිවරයා කනගාටුව පළ කළ බවත් එවන් දෙයක් නැවත ඇති නොවීමට මෙම තනතුර පත් කළ බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රීලනීප මූලස්ථානයේදී අද(09) පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව කීය.

