කැබිනට් තීරණයටත් හරස්වෙති


ත්‍රිකුණාමලයේ තිබෙන තෙල් සංකීර්ණයේ තෙල් ටැංකි වලින් 16ක් පවරා ගැනීම සඳහා ගන්නා ලද කැබිනට් තීරණයක් වළක්වාලීමට කිසියම් පිරිසක් කටයුතු කර ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෝප් කමිටු වාර්තාවකින් ඒ බව අනාවරණය වී තිබේ.  

කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 

‘ඉන්දියන් ඔයිල්’ සමාගමේ නිලධාරීන් දැනුම්වත් කර තිබියදීද තෙල් ටැංකි නිරීක්ෂණය කිරීම සඳහා ගිය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් පිරිසක් තෙල් ටැංකි සංකීර්ණයට ඇතුළුවීම වළක්වාලීමට පිරිසක් කටයුතු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා වාර්තාව ඉදිරිපත් කරමින් පැවැසීය. 

එපමණක් නොව ‘හෙජින්’ ගිවිසුම නිසා මීට පෙර සිදු වූවා යැයි කී රුපියල් බිලියන 10ක පාඩුව 2016 වනවිට රුපියල් බිලියන 14 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද මෙම වාර්තාව සඳහන් කරයි. 


(055)