රවී කරුණානායක හා මංගල සමරවීර මහතා මාධ්‍යයට කතා නොකරම පිටත්ව ගියේය.
තිලක් මාරපන මහතා ව්‍යාපෘති සංවර්ධන ඇමැතිවරයා ලෙස අද(22) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන ඇමැති ලෙස ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා දිවුරුම් දුන්නේය.

සමාජ සවිබලගැන්වීම්, සුබ සාධන හා කඳුරට උරුමයන් පිළිබඳ ඇමැති ලෙස එස්.බී.දිසානායක මහතා දිවුරුම් දුන්නේය.

කුසලතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති ලෙස චන්දිම වීරක්කොඩි මහතා අද(22) දිවුරුම් දුන්නේය.

අර්ජුන රණතුංග මහතා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

වරාය සහ නාවික කටයුතු අමාත්‍ය ලෙස මහින්ද සමරසිංහ මහතා අද දිවුරුම් දුන්නේය.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ගයන්ත කරුණාතිලක මහතා ඉදිරියට කටයුතු කරනු ඇත.

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා දිවුරුම් දුන්නේය.

නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා දිවුරුම් දුන්නේය.

ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා සිය අමාත්‍ය ධූරයට අමතරව මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති ලෙසද අද(22) දිවුරුම් දුන්නේය.

කැබිනට් අමාත්‍යවරු 9 දෙනෙක් සහ එක් රාජ්‍ය ඇමැතිවරයකු මීට සුළු මොහොතකට පෙර ජනපති ඉදිරියේ දිවුරුම් දුන්හ.
කැබිනට් මණ්ඩල සංශෝධනය සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු මේ මොහොත් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටිති.


