කැබ්-ලොරි අනතුරින් අයෙක් මරුට : දෙදෙනෙක් රෝහලේ


(කාංචන කුමාර ආරියදාස)


දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ නාවික හමුදා කඳවුර ඉදිරිපිට පස්වරුවේ ලොරි රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි සීගිරිය පොලිසිය කියයි.


මෙම රිය අනතුරෙන් මියගොස් ඇත්තේ කැබ් රථයේ ගමන් කරමින් සිටී හනුවර මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචි මැදිවක වලව්වේ නලින් නිස්සංක බණ්ඩාර (49) යන අය බව හඳුනාගෙන තිබේ.


දඹුල්ල  දෙස සිට හබරණ දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් සහ හබරණ දෙසින් දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ කැබ්  රථය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.


කැබ් රථයේ  රියදුරට නින්ද යෑම සහ අධික වේගය අනතුරට හේතුවී ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.


ලංකා දුම්කොළ සමාගම සේවය කරන පිරිසක් මෙම  කැබ් රථයේ  ගමන් කරමින් සිට ඇති බවත් ලොරි රථය ත්‍රිරිකුණාමලය ප්‍රදේශයට ටිනර්   ප්‍රවාහනය කරමින් තිබූ බවත් පොලිසිය කියයි.


අනතුරෙන් ලොරි රථයට සහ කැබ් රථයට බරපතල හානි සිදුවී  තිබේ . ප්‍රදේශවාසීන් කියා සිටියේ අනතුරින් පසු සිරවී සිටි තුවාලකරුවන් දිගම්පතාන නාවික හමුදා කඳවුරේ සෙබලුන් පැමිණ වෙනත් වාහන  වලින්  දඹුල්ල මූලික රෝහලට රැගෙන ගිය බව පොලීසිය කියයි.

අනතුර සම්බන්ධයෙන් සීගිරිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.