කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ


(රංජිත් රාජපක්ෂ)

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළු කළ බව වලපනේ තිරිපැහැ පොලීසිය කියයි.

රාගල උඩුවාමාදුර ඥාති නිවසකට පැමිණි පිරිසක් ආපසු සියඹලාණ්ඩුව දක්වා ගමන් කිරිමේදි වලපනේ නිල්දණ්ඩාහින්න අඹන්වැල්ල ප්‍රදේශයේදි කැබ් රථය මාර්ගය හරහා පෙරලී මෙම අනතුර සිදු වි ඇත.

කැබ් රථය නතර කර ගැනීමට රියදුරා කැබ් රථය ප්‍රධාන මාර්ගය අභියස පිහිටි කන්දක ගැටීමට සලස්වා ඇති අතර, එම අවස්ථාවේ කැබ් රථය කන්දේ ගැටී ප්‍රධාන මාර්ගය හරහා පෙරලී මෙම අනතුර සිදු වී ඇත.