(ප්‍රසාද් රුක්මල්)
රිමාන්ඩ් කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු කැඳවුම්කරුවන් වහා නිදහස් කරන්නැයි ඉල්ලා සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය අද (14) බදුල්ලේදී විරෝධතාවක් පැවැත්වීය
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ,අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි සහ වෛද්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් නිදහස් කරන්නැයි ද මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන්නැයි ද ඉල්ලා එම විරෝධතාව පැවැත්විණි.




