කැනඩාවේ රිය අනතුරෙන් ලාංකික කතක් මරුට



 
 
( තිළිණි ද සිල්වා )
 
කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පදික වේදිකාවක් මතට වෑන් රථයක් කඩා වැදීමෙන් සිදුවු අනතුරකින් මියගිය පුද්ගලයින් 10 දෙනා අතර ශ්‍රී ලාංකික කාන්තාවක්ද සිටින බව තානාපති ආරංචි මාර්ග කියා සිටී.
 
මෙලෙස මිය ගොස් ඇත්තේ රේණුකා අමරසිංහ නැමැත්තියකි. ඇය වයස අවුරුදු 48 ක් පමණ වන එක් දරු මවක් වේ. ඇය හොරණ ප්‍රදේශයේ පදිංචිව සිට ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
 
කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී පසුගිය සදුදා (23)  පදිකයින් පිරිසක් වෙතට වෑන් රථයක් ධාවනය කිරීමෙන් සිදුවූ අනතුරින් මියගිය අතර පුද්ගලයින් දස දෙනෙකුගේ ජීවිත අහිමි වු අතර තවත් පුද්ගලයෝ 15 දෙනෙක් තුවාල ලැබුහ.
 
කෙසේ වෙතත් අදාළ අනතුර ත්‍රස්තවාදී ක්‍රියාවක් ද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
 
ලංකාවට පැමිණ සිය මව හා සහෝදරයන් ද හමුවී නැවතත් කැනඩාවට පැමිණ සතියක් වැනි ඉතා කෙටි කාලයකින් එම ලාංකික කාන්තාව  මෙම අනතුරට මුහුණ දී තිබේ. වසර කිහිපයක සිට කැනඩාවේ පදිංචිව සිටින ඇය මියයන විට එරට  පුරවැසිභාවය ලබා ගෙන සිට ඇතැයිද වාර්තා වේ.